-->

සාමාන්‍ය පාලන අංශය - Administrative Branch

MathuZone.LK
0


අංශ ප්‍රධානී (පරිපාලන) : C.W.W.M.D.V.B.වීරසිංහ 
(ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී)


🖁Telephone (mobile) - 077-1899627
🕿Telephone (branch)  - 034-22xxxxx
📧e-mail(branch)        -  mat.zonal.gen.ad@gmail.com


>ප්‍රධාන කාර්යභාරයන් මෙතැනින්

    • කලාප කාර්යාලයේ හා ඊට සම්බන්ධ අනෙකුත් අධ්‍යාපන ආයතනවල නිලධාරීන්ගේ හා කාර්ය මණ්ඩලවල රාජකාරි ලැයිස්තු සකස් කිරීම හා නියාමනය කිරීම.
    • කාර්ය මණ්ඩල ගෙවීම්,අතිකාල,දෛනික වැටුප්,නිවාඩු දින වැටුප්,සියළු බිල්පත් නිරවුල් කිරීම,දුම්රිය බලපත්‍ර ලබා දීම ආදී කටයුතු සදහා ක්‍රම සම්පාදනය.
    • අත්තිකාරම්, ණය,අග්‍රහාර රක්ෂණ සදහා අදාල නිර්දේශ/අනුමැතිය ලබා දීම.
    • අධ්‍යාපන කලාපයේ සේවය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩල ස්ථාන මාරු කිරීම හා කලාපයෙන් නිදහස් කිරීම් පිළිබද කටයුතු සිදු කිරීම.
    • අධිකරණ කටයුතු මානව හිමිකම් පැමිණිලි පෙත්සම්කාරක සභා උපදේශන කාරක සභා ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම ආදී නෛතික කටයුතු සිදු කිරිම.
    • විනය පරීක්ෂණ කටයුතු සදහා පහසුකම් සැපයීම.
    • කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම.
    • කාර්යාලයීය භෞතික සම්පත් නඩත්තුව හා සංවර්ධනය කිරීම.
    • පාසල්,කොට්ඨාස,කලාප කාර්යාල හා සම්බන්ධ අනෙකුත් ආයතන සදහා ජලය විදුලිය හා දුරකථන ආදී පහසුකම් සැපයීම හා නඩත්තුව පළිබදව සියළු කටයුතු සිදු කිරීම.
    • රජයේ නිල නිවාස හා වාහන පාලනයට අදාල කටයුතු සිදු කිරීම.
    • සුළු මුදල් අග්‍රිමය කළමණාකරණය කිරීම.
    • දෛනික තැපෑල සම්බන්ධ කටයුතු සිදු කිරීම.
    • ලේඛනාගාර පවත්වා ගැනීමට අදාල කටයුතු සිදු කිරීම.
    • පිළිගැනීමේ කවුන්ටරය, අභ්‍යන්තර සන්නිවේදන හා ආයතන ඵලදායිතා සංකල්ප ක්‍රියාත්මක කිරීමට අදාල කටයුතු සිදු කිරීම.

>ආපදා ණය ඉල්ලුම් කිරීමේදී ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ

  • ප.ස.26(පළාත් සභා)සහ පොදු 35(ජාතික පාසල්)වවුචර්පත් 02
  • ආපදා ණය ඉල්ලුම් පත්‍රය
  • ණය ගිවිස්නාව
  • ඇප ප්‍රකාශ 02
  • ඇප ගිවිස්නාව
  • අවංක භාවයෙන් කරනු ලබන ප්‍රකාශය
  • මනාපය පල කිරීම
  • 23 වන පරිශිෂ්ටය (ණය ඉල්ලුම්කරු වයස අවු.50 ට වැඩිනම්) විශ්‍රාම වැටුප් පරිවර්තනය කිරීම සඳහා දෙනු ලබන අවලංගු කල නොහැකි පොරොන්දුව
  • නව පත්වීම්ලාභියෙකු නම් පත්වීම් ලිපියේ ඡයා පිටපතක් සහ තමා සේවය කරන ස්ථානයෙන් සේවා සහතිකයක් ඉදිරිපත් කල යුතුයි.
  • ආසන්නම මාසයේ වැටුප් විස්තරයක් වැටුප් ලේඛණයට අනුව නිවැරදියැයි වැටුප් අංශයෙන් සනාථ කර ඉදිරිපත් කල යුතුයි.
  • ඇපකරුවන් අවශ්‍ය ණය ඉල්ලුම්කරුවෙකු නම් ඇපකරුවන්ගේ ආසන්න මාසයේ වැටුප් විස්තරයක් වැටුප් ලේඛණයට අනුව නිවැරදිදැයි සනාථ කර ඉදිරිපත් කල යුතුය.(ඇපකරුවන් වයස අවු.50 ට නොවැඩි විය යුතුයි.)

>අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබා ගැනීමේදී ඉදිරිපත් කල යුතු ලිපි ලේඛණ

  • වෛද්‍ය හා රෝහල් ගාස්තු හිමිකම් ඉල්ලුම් පත්‍රය.(පෝරම අංක 2016 .....) - රජයේ හෝ පෞද්ගලික රෝහලක නැවතී ප්‍රතිකාර ලබා හෝ ඊට රෝහල මගින් නිකුත් කරන රෝග නිශ්චය කාඩ්පතෙහි රෝගියාගේ නම,රෝහලට ඇතුලත් වූ දිනය හා රෝහලෙන් පිටවූ දිනය පැහැදිලිව සඳහන්ව ඇත්නම් වෛද්‍යවරයා විසින් සම්පූර්ණ කල යුතු කොටස සම්පූර්ණ කිරීම අනිවාර්ය නොවන බව සලකන්න.

  • රෝග නිශ්චය කාඩ්පතෙහි සහතික කල පිටපතක් අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද බවට ආයතන ප්‍රධානියා සහතික කිරීමෙන් පසු ඡයා පිටපතක් කර එම ඡයා පිටපත නැවත සත්‍ය පිටපතක් බවට සහතික කල යුතුයි.මෙම කාඩ් පතෙහි රෝගියාගේ නම,රෝහලට ඇතුලත් වූ දින හා පිටවූ දින ප්‍රතිකාර කල වෛද්‍යවරයාගේ අත්සන මුද්‍රාව තිබිය යුතුයි.

>යැපෙන්නන් සඳහා හිමිකම් අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී රක්ෂිතයා විවාහක නම්,

  • කලත්‍රයා සඳහා විවාහ සහතිකයේ සහතික කල ඡයා පිටපතක්

  • දරුවන් සඳහා උප්පැන්න සහතිකයේ ඡයා පිටපතක් (දරුවා 21 ට අඩු අවිවාහක රැකියාවක් නොකරන්නෙකු විය යුතුයි)

>රක්ෂිතයා අවිවාහක නම්

  • රක්ෂිතයාගේ මව සහ පියා සඳහා(මව/පියා වයස අවු.70 ට අඩුවිය යුතුයි)
  • රක්ෂිතයාගේ උප්පැන්න සහතිකයේ සහතික කල ඡයා පිටපතක්
  • මවගේ/පියාගේ උප්පැන්න සහතිකයේ සහ ජාතික හැඳුනුම්පතේ සහතික කල ඡයා පිටපතක්
  • අවිවාහක බව දැන්වීමට ග්‍රාම නිලධාරීගෙන් හා ආයතන ප්‍රධානියාගෙන් ලිපියක්

>ස්වාමියා හා භාර්යාව දෙදෙනාම රක්ෂිතයින් නම්

  • හිමිකම්පත රෝගියා වූ රක්ෂිතයාම ඉදිරිපත් කල යුතුයි.
  • සාමාජිකයින් දරුවන් වෙනුවෙන් හිමිකම් ඉල්ලුම් කල යුතු වන්නේ එක් අයෙකු පමණි.

Blog Post Cover

(කනිෂ්ඨ කාර්ය මණ්ඩලය) - පෞද්ගලික ලිපිගොනු කටයුතු

සා.පා. 02 විස්තර මෙතැනින් බලන්න
Blog Post Cover

ගමන් වියදම් / නිවාඩු / දුම්රිය බලපත්‍ර

සා.පා. 04 විස්තර මෙතැනින් බලන්න
Blog Post Cover

පාසල්වල විදුලි/දුරකථන බිල්පත් ප්‍රතිපූර්ණය

සා.පා. 06 විස්තර මෙතැනින් බලන්න
Blog Post Cover

ඉන්ධන/ වාහන / සුළු අලුත්වැඩියා

සා.පා. 07 විස්තර මෙතැනින් බලන්න
මෙම පුවත පිළිබඳව ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin