අප ගැන | දැක්ම - මෙහෙවර | කලාප ගීතය

MathuZone.LK
0

abous us mathugama zonal education office

(toc) #title=(Table of Content) 

අප ගැන

මතුගම අධ්‍යාපන කලාපය 685km2 කින් සමන්විතය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකින් හා අධ්‍යාපන කොට්ඨාස හතරකින් සමන්විත වේ. පස්යොදුන් කෝරළයේ අගනගරය වන මතුගම නිදහස් අධ්‍යාපනයේ අරුණලු රටට උදාකළ පිය නගරය වන්නේය.ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානිය පැවති සමයේ පෘතුග්‍රීසි ආධිපත්‍යයට එරෙහිව අභීතව සටන් කළ වීදිය බණ්ඩාර සෙනෙවියාගේ රාජධානිය වු පාලින්දනුවර මෙම අධ්‍යාපන කලාපයට අයත් ය.

මතුගම අධ්‍යාපන කලාපයේ මුළු පාසල් සංඛ්‍යාව 128 ක් වන අතර, එය ජාතික පාසල් 03 කින් හා පළාත් පාසල් 125 කින් යුතුය.එසේම, දුෂ්කර හා අති දුෂ්කර පාසල් 37 ක් ද මෙම කලාපය තුළ ඇත. මෙම භූමිය පහතරට තෙත් කලාපයට අයත් වන අතර ප්‍රධාන හා සුළු අපනයන බෝගවලින් යුත් වාණිජ කෘෂි ආර්ථිකයකට හිමිකම් කියයි. පහතරට තෙත් බිම් ආශ්‍රිතව අහස් දියෙන් කරන වී ගොවිතැන ජීවනෝපාය කරගත් පිරිසක් ද මෙහි වෙසෙති.


අරමුණු 

  • රේඛීය අමාත්‍යංශය හා පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලබන චක්‍රලේඛ අණපනත් හා විවිධ නියෝග වලට අනුගතව කටයුතු මෙහෙයවීම.
  • මතුගම කලාපයේ සියළු සිසුන් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන බවට සහතික වීම.
  • මතුගම අධ්‍යාපන කලාපය තුළ පාසල් යායුතු වයසේ සිටින සියළුම සිසුන් සඳහා සම සාධාරණ ප්‍රවේශ අවස්ථා ලබාදීම සහතික වීම.
  • සම්මත ප්‍රතිමාණ වලට අනුගතව, විෂමතාවයකින් තොරව භෞතිකව හා මානව සම්පත් සම්පාදනය හා කළමණාකරනය කිරීම.
  • පාසල් අධ්‍යාපනය නිමකරන සියළු සිසුන් උසස් අධ්‍යාපන් හෝ වෘත්තීය ප්‍රවේශයන් වෙත යොමු කිරීම.
  • ගුණාත්මත්මක අධ්‍යාපන සංකල්ප මත, නිර්දේශිත විෂයමාලාව අනුව ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනය සඳහා විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් බලගැන්වීම.
  • සෞඛ්‍ය සම්පන්න, විනයගරුක, පරිසර හිත්කාමී සහකම්පිත ශිෂ්‍යයකු නිර්මාණය කරගැනීමට මඟ පෙන්වීම.
  • අභිමානවත් ශිෂ්‍ය පෞරුෂ සංවර්ධනය උදෙසා හිංසාවෙන් ආපදාවෙන් හා අපචාරයන් ගෙන් වලක්වා ගනිමින් ශිෂ්‍යාගේ උපරිම ශක්‍යතාවයට ලඟාවීමට මග පෙන්වීම.
  • අනාගත වෘත්තීය අපේක්ෂාවන් ජයග්‍රහණය කරමින්, ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ගොඬනගා ගතහැකි විශ්වීය පුරවැසියකු ගොඩනඟාගැනීම සඳහා අවශ්‍ය නිපුණතාවය ශිෂ්‍යයාට ලබාදීම සහතික වීම.
  • විදුහල්පතිවරුන් ගුරුභවතුන් ඇතුළු අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවා අවශ්‍යතා, වෘත්තීය සංවර්ධනය හා ඔවුන්ගේ සුභ සාධනය වෙනුවෙන් ඇප කැප වීම.
  • අධ්‍යාපනය හා සම්බන්ධ වන/ නොවන විවිධ පුද්ගල, සමාජ සංස්ථා, දෙපාර්තමේන්තු හා ආයතන අතර මනා සම්බන්ධීකරණයක් තුළින් සංහිදියාව හා සාමය සාක්ෂාත්හ් කර ගැනීම තහවුරු කිරීම.

    අගයයන්  

  • නිර්මාණශීලී, ප්‍රගතිශීලී නායකත්ව ගුණාංග සහිත කාර්ය මණ්ඩලය
  • කාර්යක්ෂම සුහදශීලී සේවය
  • විශ්වාසනීය විනිවිදභාවය
  • අපක්ෂපාතී සම සාධාරණත්වය
  • අනෝන්‍ය කාර්ය මණ්ඩල සබැඳියාව


ලොගෝව 


දැක්ම 

ගුණාත්මක අධ්‍යාපනයක්, විශිෂ්ට සේවාවක්


මෙහෙවර 

ගුණාත්මක අධ්‍යාපනයක් ස්ථාපිත කිරිම සඳහා අධ්‍යාපන කළමනාකරණයේ විශිෂ්ට ව්‍යවහාරයන් තුළින් පාර්ශවකරුවන් හා සේවාලාභීන් තෘප්තිමත් වන ගුණාත්මක සේවාවක් ලබා දීම.


 කලාප ගීතය

ශ්‍රී ලංකා ධරණී තඩාගයේ

සිරි සරසවි සේවිත සියපත සේ

ශිල්ප ශාස්ත්‍ර මකරන්ද සුගන්ධිත

පස් යොදුන් රටේ අභිමානනීය

මතුගම කලාප මාතා.....//


හෙළ මග හෙළි කොට නැණින් පහේලි

සියත් වියත් නැණවතුන් තනා...//

ජාතිය ප්‍රඥාවෙන් පණගන්වා

දේශය ලෝ මුදුනේ රඳවා

යුග යුග වොරඳන මාතා

මතුගම කලාප මාතා


දෑ සිප් පිළිවෙත -සුරකින පේවී

අලුත් වෙමින් නව ලෝකය හා...//

කන්නන්ගර සිරිමත් මග නංවා

දේශය ලෝ මුදුනේ රඳවා

යුග යුග වොරඳන මාතා

මතුගම කලාප මාතා....///


ගී පද - තිලක් පුෂ්පකුමාර මහතා

සංගීතය - බන්දු එස් කන්නන්ගර මහතා 


Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin