අධ්‍යාපන සංවර්ධන අංශය - Development Branch

MathuZone.LK
0

අංශ ප්‍රධානී : ජි.ජී.ඩී.සී.කුමාරි මිය 
(නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - අධ්‍යාපන සංවර්ධන,ප්‍රාථමික අධ්‍යාපන)
ශ්‍රී.ලං.අ.පරි.සේ.-I

🖁Telephone (mobile) - 070-2690971
🕿Telephone (Office)  - 034-2294902
📧e-mail(Office)        -  devmat@edudept.wp.gov.lk

*👉 පාසල් භාරකාරීත්ව නාම ලේඛනය 

>ප්‍රධාන කාර්යභාරයන් මෙතැනින්

    • අධ්‍යාපන ආංශික සංවර්ධන ප්‍රවේශ රාමුව හා වැඩ සටහන්වලට අදාලව කලාපයේ සමස්ත වාර්ෂික මධ්‍ය කාලීන පස් අවුරුදු සැලැස්ම සැකසීම , ප්‍රගති සමාලෝචනය හා නියාමනය සිදු කිරිම.
    • කලාපයට අයත් සියළුම අධ්‍යාපන ආයතන වල වාර්ෂික ,මධ්‍ය කාලින හා පස් අවුරුදු සැලසුම් සකස් කිරීම , සැලසුම් කිරීම , ක්‍රියාත්මක කිරිම ,නියාමනය හා ප්‍රගතිය සමාලෝචනය කිරීම.
    • පාසල් වාර්ෂික ඇස්තමේන්තු අනුමත කිරිම.
    • කලාප ව්‍යුහ කටයුතු සම්බන්ධව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
    • කලාපයට අයත් සියලුම අධ්‍යාපන ආයතන වල භෞතික හා මානව සම්පත් අවශ්‍යතා හදුනා ගැනිම ,ගණනය හා අවශ්‍යතා සැපිරීම සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනිම.
    • අධ්‍යාපන කළමණාකරණ තොරතුරු පද්ධතියට (EMIS ) අදාල දත්ත හා තොරතුරු රැස් කිරීම යාවත්කාලින කිරිම සංවිධානය කිරිම විශ්ලේෂණය හා බෙදා හැරීම.
    • වාර්ෂික පාසල් සංගණන කටයුතු සම්බන්ධිකරණය කිරිම පිළිබද නියාමනය හා ප්‍රගතිය වාර්තා කිරිම.
    • පාසල් නගා සිටුවිමේ වැඩසටහනට අදාල කටයුතු සම්බන්ධීකරණය කිරිම.
    • පාසල් වලට ලබා දි ඇති ගුණාත්මක යෙදවුම් හා අනෙකුත් ප්‍රදානයන් භාවිතය සදහා උපදෙස් සැපයීම.
    • අධ්‍යාපන පර්යේෂණ කටයුතු සම්බන්ධීකරණය හා අනාවරණවලින් ව්‍යාපෘති සැලසුම් සකස් කිරිම.
    • ජලය විදුලිය සනීපාරක්ෂාව ඇතළු පාසල් භෞතික අවශ්‍යතා සම්පුර්ණ කිරීම.
    • අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලිය සදහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය ලබා ගැනිම , විදේශාධාර ව්‍යාපෘති සැලසුම් කිරිම , සම්බන්ධිකරණය , නියාමනය , ප්‍රගති සමාලෝචනය හා පසු විපරම් සිදු කිරිම.
    • දිස්ත්‍රික් හා ප්‍රාදේශිය සංවර්ධන කම්ටු සදහා අවශ්‍ය වාර්තා සැකසිම හා සැපයිම.
    • ඉදිකිරීම් , අලුත්වැඩියා සම්බන්ධ අදාල පාර්ශව සමග සම්බන්ධීකරණය කිරිම.
    • අදාල විදේශාධාර වැඩසටහන් මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම.
    • විදුහල්පති ධාරිතා සංවර්ධන සදහා කටයුතු කිරීම.
    • සැලසුම් අංශයට අදාල කටයුතු අභ්‍යන්තර ඇගයීමකට ලක් කිරිම.
    • අවස්ථානුකුලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරිම.

>අනෙකුත් කාර්යභාරයන් මෙතැනින්

  • List Item A

ඔබට මෙම පිටුවෙන් අධ්‍යාපන සංවර්ධන අංශයට අදාල දෑ බාගත කරගත හැක.


Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin