මතුගම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 8ක් සහ අගලවත්ත අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක් එකට එකතුවී මෙම වැඩසටහන 2025.12.30 දින පැවැත්වූ අතර විදුහල්පතිවරුන් 9 දෙනෙකු සහ ගුරුවරුන් 50 දෙනෙකු ඊට සහභාගී විය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ගුරුභවතුන් දැනුවත් කිරීම මෙහිදී සිදු කරන ලදී. මේ සඳහා සම්පත්දායකත්වය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ගණිතය) ප්‍රියංකා කන්නන්ගර මහත්මිය සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) සමන්ති ගලප්පත්ති මහත්මිය විසින් සිදු කරන ලදී.










