මතුගම අධ්‍යාපන කලාපය තුල මාර්ගගත දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම [Photos]

MathuZone.LK
0

 කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් අධ්‍යාපන කටයුතු නිසි පරිදි ඒකාකාරිව පවත්වාගෙන යාමට නොහැකිවීම නිසා මාර්ගගත ක්‍රමවේද,ජනමාධ්‍ය ,ඉගෙනුම් කට්ටල ලබා දීම ආදී විවිධ ක්‍රම ඔස්සේ අධ්‍යාපන කාර්යයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට පාසල් මට්ටමේ සිට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

                                          එහෙත් සංඥා ආවරණ ,අන්තර්ජාල පහසුකම් නොමැතිකම ,පරිගණක හා උපාංග නොමැතිකම වැනි හේතු මතද මාර්ගගත ඉගෙනුම් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකි වී ඇත.මෙසේ අසරණ වූ දරුවන් හට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කුඩා කණ්ඩායම් වශයෙන් රැස්වී අධ්‍යාපනය ලබා ගත හැකි මධ්‍යස්ථාන ග්‍රාමීය මට්ටමින් ආරම්භ කිරීමේ,අධ්‍යාපන අමාත්‍ය වැඩපිළිවෙලට සමගාමීව 2021 ජූලි 5 වන දින මතුගම දොඩම්පාපිටිය ප්‍රාථමික විදුහලේ සහ ඕමත්ත ජනපද කණිටු විදුහලේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මතුගම අධ්‍යාපන කලාපය තුලද මෙම වැඩසටහන ආරම්භ කෙරිණ.මෙම සුවිශේෂී අවස්ථාව සඳහා කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා,පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න මැතිතුමා,බස්නාහිර පළාත් සභා හිටපු අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මැතිතුමා,බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මැතිතුමා,බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මැතිතුමා ,අධ්‍යාපන අමාත්‍යාංශ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ උදාරා දික්කුඹුර මැතිණිය,මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාල් දිසානායක මැතිතුමා ඇතුළු නිලධාරීහූ මේ සඳහා සම්බන්ධ වූහ.

මතුගම අධ්‍යාපන කලාපය තුල මෙවැනි මාර්ගගත දුරස්ථ ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන 24 ක් දැනට ක්‍රියාත්මක වන අතර මෙවැනි තවත් මධ්‍යස්ථාන 14 ක් අලුතෙන් ආරම්භ කිරීමටද අපේක්ෂා කරයි.

දැනට මතුගම අධ්‍යාපන කලාපයේ ක්‍රියාත්මක වන මාර්ගගත/දුරස්ථ ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන ලේඛණය පහත පරිදි වේ.

ලේඛණය මෙතැනින්
















මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා මතුගම කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ)නදීෂා ලියනගේ මහත්මිය සම්බන්ධ කරගත හැක.
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin