
ආගමික වතාවත් මැද 2026.01.06 දින පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ බස්නාහිර පළාතේ කලාප කාර්යාලවලින් පැමිණි නිලධාරීන්, කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය, විදුහල්පති මහත්ම මහත්මීන් ඇතුළු මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ සුභාශිංෂණ මැද ඒ.ජි.සමන්ති මහත්මිය නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස සුබ මොහොතින් රාජකාරි ආරම්භ කරන ලදී.















































