
අද ජනපති හා මුදල් ඇමති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අයවැය කතාවේදී රාජ්‍ය අංශයේ සිදු කරන වෙනස්කම් හා වැටුප් සංශෝධන ගැන සිදු කළ සම්පූර්ණ කතා කොටස පහතින්
"ඉදිරි ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය බව අප පිළිගත යුතුයි. එහෙත් වර්තමානයේ මහජන සේවා සම්පාදනය වෙනුවෙන් රාජ්‍ය සේවය සඳහා සාපේක්ෂව ඉහළ වැය බරක් දැරීමට සිදුව තිබෙනවා. දේශපාලන හේතූන් මත සිදු කළ රාජ්‍ය බඳවා ගැනීම් සහ
ඓතිහාසික කාර්යභාරය අවසන් වූ ආයතන දිගින් දිගටම පවත්වාගෙන යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා. එකම කාර්යයක් වෙනුවෙන් ගොඩනගා ඇති විවිධ ආයතන ද මේ අධික වියදමට ඉවහල් වී ඇත.
අපේ රජය විසින් ලබාදිය යුතු අත්‍යවශ්‍ය සේවාවන් නිසි ඇගයීමට ලක්කරමින්, කාර්යභාරය අවසන් වූ රාජ්‍ය ආයතන වසා දැමීමටත්, එකම කාර්යය කරන විවිධ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමටත්, යල්පැනගිය අරමුණු නව අරමුණුවලට අනුව ප්‍රතිසංවිධානය කිරීමටත් කටයුතු කරනු ලබනවා. එවැනි කිසිදු වාණිජ, නියාමන හා පරිපාලන කටයුත්තක් සිදු නොවන ආයතන තිස් තුනක් (33) වසා දැමීමට දැනටමත් කටයුතු කරමින් තිබෙනවා.
තවද, වාණිජ නොවන සහ පිහිටුවීමේ මුල් අරමුණෙන් බැහැරව ගිය, වර්තමාන සන්දර්භයට නොගැලපෙන ආයතනද හඳුනාගෙන ඇති අතර ඒවා වසා දැමීමට කටයුතු කරනවා. මේ ගැන කවුරුවත් දුක් වෙන්න එපා. මේ ආයතන මේ ආකාරයෙන් පවත්වාගෙන යාම තමයි සැබෑ දුකට හේතුව. උදාහරණයකට සිමෙන්ති සංස්ථාව ගනිමු. අද එය සිමෙන්ති කිලෝ එකක්වත් නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ සතු ඉඩම් පෞද්ගලික අංශයට බදු දීලා ලැබෙන ආදායමෙන් තමයි ඒ සංස්ථාව පවතින්නේ. මෙවැනි ඓතිහාසික කාර්යභාරය අවසන් වූ ආයතන ගණනාවක් අපි හඳුනාගෙන තිබෙනවා, ඒවා වසා දැමිය යුතුයි.
වසා දැමිය යුතු මෙම රාජ්‍ය ව්‍යවසායන්ගෙන් ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් නොලැබෙන අතර, ඒවායේ මූල්‍ය වාර්තා සොයා ගැනීම පවා ඉතා අපහසු වී තිබෙනවා. නිරවුල් නොකළ වගකීම් හා වත්කම් හිමිකාරිත්වය පිළිබඳ පවතින නීතිමය ගැටලු නිසා මේවා එකවර වසන්නත් බැහැ, තියාගෙන යන්නත් බැහැ. මේ පිළිබඳ අවසන් තීරණයක් ගෙන තිබුණේ නැහැ. මෙම ගැටලු විසඳමින් එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය යටතේ ඒකකයක් දැනටමත් පිහිටුවා තිබෙනවා. ඇයි එහෙම කළේ? මේවාට අලුතින් සභාපතිවරයෙක් පත් වුණොත්, ඒ සභාපතිවරයාගේ කැමැත්ත වෙන්නේ මේක දිගටම තියාගෙන යන්නයි. "මම ආවේ මේක ගොඩගන්න, මට පුළුවන්" කියලා ඔවුන් කියාවි. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ කමිටුවක් හරහා මෙය අධීක්ෂණය කර, වසා දැමිය යුතු ආයතන හඳුනා ගැනීමට කටයුතු කරනවා.
අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ආයතන පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් ලබා දුන්නා. එම කැබිනට් මණ්ඩල වාර්තාව අනුව, එකම කාර්යය විෂයයන් කිහිපයක් යටතේ සිදු කරන ආයතන 21ක් ඒකාබද්ධ කර ප්‍රතිසංවිධානය කිරීමටත්, පර්යේෂණ ක්ෂේත්‍රය තුළ ඇති ආයතන 14ක් ඒකාබද්ධ කර ජාතික මට්ටමේ එක් ආයතනයක් පිහිටුවීමටත් යෝජනා වී තිබෙනවා. දැනට වාණිජ ආකෘතියට කටයුතු නොකරන ආයතන 09ක් මූල්‍ය ස්වාධීනත්වය සහිත ආයතන ලෙස පරිවර්තනය කිරීමටත්, එවකට පිහිටුවීමේ අරමුණ වර්තමානයට අනවශ්‍ය වීම නිසා ආයතන 13ක් ඈවර කිරීමටත් කටයුතු කරනවා.
කාර්යක්ෂමතාව කේන්ද්‍ර කරගත් රාජ්‍ය ව්‍යුහයක් අපට අවශ්‍යයි. වසර ගණනාවක සිට රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා විධිමත් ආකාරයකින් බඳවා නොගැනීම හේතුවෙන් රාජ්‍ය සේවා යාන්ත්‍රණය මුළුමනින්ම පාහේ අඩපණ වී තිබෙනවා. අපට පෙනෙන ලොකු රාජ්‍ය යන්ත්‍රයක් තිබුණත්, ඇතුළතින් එය බිඳවැටිලා. ඒ නිසා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව හරහා සිදු කළ විධිමත් අධ්‍යයනයකින් පසුව, 75,000කට ආසන්න පිරිසක් නිසි ක්‍රමවේදයක් යටතේ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී තිබෙනවා.
එක පැත්තකින් අපි රාජ්‍ය ආයතන ඈවර කරන්න යෝජනා කරනවා, අනිත් පැත්තෙන් බඳවා ගන්න යෝජනා කරනවා. මෙය පරස්පර විරෝධී බව පෙනෙන්නට පුළුවන්. නමුත් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාව පවත්වා ගැනීම සඳහා සිටිය යුතු තාක්ෂණික නිලධාරීන්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්, ආදායම් නිලධාරීන් වැනි තනතුරු මීට ඇතුළත් වෙනවා. ප්‍රාදේශීය සභාවකට ගියොත් වැඩ කරන්න තාක්ෂණික නිලධාරීන් (TO) නැහැ, ආයතනවල නීති නිලධාරීන් නැහැ. එම ආයතන පවත්වාගෙන යාමට මෙම අත්‍යවශ්‍ය පිරිස හඳුනාගෙන බඳවා ගත යුතුයි.
මින් ඉදිරියට රාජ්‍ය අංශයේ සියලු බඳවා ගැනීම් සහ උසස් කිරීම් දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, නියමිත විභාග සහ සේවා ව්‍යවස්ථා අනුව පමණක් සිදු කිරීම මගින් තරුණ තරුණියන්ට සමාන අවස්ථා ලබා දෙනවා. මීට පෙර බස් පිටින්, තොග පිටින් උපාධිධාරීන් බඳවා ගත්තා වගේ අපි කරන්නේ නැහැ. මෑතකදී උපාධිධාරීන් රැකියා ඉල්ලා උද්ඝෝෂණ කළා. අපි කියන්නේ, පාරේ ඉඳලා වැඩක් නැහැ, ගිහින් විභාගවලට පාඩම් කරන්න. පුරප්පාඩු ඇතිවූ විට අපි විභාග පවත්වා බඳවා ගන්නවා. අද සමහරු ගුරු පත්වීම් ඉල්ලා, තවත් සමහරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරනවා. 50,000ක් 60,000ක් එකවර බඳවාගෙන, ඔවුන්ට පුටු නැතිව, වැඩක් නැතිව නිකම් ඉන්න රාජ්‍ය සේවයක් අපට අවශ්‍ය නැහැ. අපි බඳවා ගන්නේ රජයේ හඳුනාගත් පුරප්පාඩු සඳහා පමණයි.
රජයේ ආයතනවල ඩිජිටල් ප්‍රවේශය ඉහළ නැංවීම සඳහා, සෘජුව මහජන සේවා ලබා දෙන රාජ්‍ය ආයතනවල සංකීර්ණ ක්‍රියා පටිපාටි සරල කර, ඩිජිටල් ක්‍රමවේද යටතේ පහසුකම් සැපයීමට කටයුතු කළ යුතුයි. මේ සඳහා රජය දැනටමත් සකස් කර ඇති ඩිජිටල්කරණ වැඩසටහනට අනුගත වන පරිදි, දැනටමත් වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 1,000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. අපේ සමහර රාජ්‍ය ආයතනවල තියෙන්නේ පැරණි පරිගණක, ඒවා වැඩ කරන්න දෙපාරක් විතර තට්ටු කරන්න ඕන. එහෙම රාජ්‍ය සේවයක් පවත්වාගෙන යන්න බැහැ. නූතන රාජ්‍ය සේවකයින්ට ගැලපෙන තාක්ෂණික උපකරණ සහ මෘදුකාංග පද්ධති ලබා දිය යුතුයි.
රජය සතු දැනට පවතින වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණවත් නොවීමත්, බොහොමයක් පැරණි ඒවා වීමත් හේතුවෙන් ඒවා අලුත්වැඩියා කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවී තිබෙනවා. 2015 දී රාජ්‍ය වාහන අලුත්වැඩියා කිරීමේ පිරිවැය රුපියල් බිලියන 07යි. නමුත් 2025 වන විට මේ පිරිවැය රුපියල් බිලියන 25ක් දක්වා ඉහළ යා හැකියි. සමහර වාහන අවුරුදු 20කට වඩා පැරණියි, ඩීසල් පාරිභෝජනය ඉතා ඉහළයි. ඒ නිසා අපේ රාජ්‍ය වාහන සංචිතය අලුත් කළ යුතුයි. ප්‍රාදේශීය ලේකම්වරුන්, දිසාපතිවරුන්, වන සංරක්ෂණ නිලධාරීන් වැනි අයගේ වාහන ඉතා අබලන් තත්ත්වයක පවතින්නේ. සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙය බාධාවක්. මේ තත්ත්වය සලකා බලා, අත්‍යවශ්‍ය වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12,500ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර (Permits) ලබා දෙන සංස්කෘතිය නතර කළ යුතුයි. දැනට නිකුත් කළ බලපත්‍ර 20,000ක් පමණ එළියේ තියෙනවා. ඒ වෙනුවට, ධුර කාලය අවසානයේ නැවත ආපසු භාරදීමේ පදනම මත මන්ත්‍රීවරුන්ට වාහනයක් (උදාහරණයකට කැබ් රථයක්) ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. පූර්ණ රක්ෂණාවරණයක් සහිතව මෙම වාහන ලබා දෙනු ඇති.
රාජ්‍ය ව්‍යවසායන් බොහොමයක් දේශපාලන වාසි තකා රැකියා ලබා දෙන ස්ථාන ලෙස භාවිතා කිරීම සහ නිසි කළමනාකරණයක් හෝ මූල්‍ය විනයක් නොමැතිව කටයුතු කිරීම නිසා ජනතාවට මහා බරක් වී තිබෙනවා.
මේවා බැංකුවලට ණය වී ඇති අතර, සේවක අර්ථසාධක අරමුදල් (EPF), සේවක භාරකාර අරමුදල් (ETF) සහ පාරිතෝෂික පවා ගෙවා ගැනීමට නොහැකි වී ඇත. පනත් අනුව මේවා නොගෙවීම නිසා කම්කරු දෙපාර්තමේන්තුවට එම ආයතනවලට එරෙහිව නඩු පැවරීමට සිදුවී තිබෙනවා.
මේ ගැටලුව විසඳීම සඳහා අපි ප්‍රධාන ආයතන 10ක් හඳුනාගෙන තිබෙනවා. සීමාසහිත ලංකා සීනි සමාගම, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලංකා ධීවර සංස්ථාව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම, ශ්‍රී ලංකා ගුවන් භාණ්ඩ (Cargo) සමාගම සහ ලංකා පිඟන් සංස්ථාව ඊට ඇතුළත්. මෙම ආයතනවල හිඟ EPF, ETF, පාරිතෝෂික සහ වෙනත් ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම සඳහා රුපියල් මිලියන 11,000ක් අවශ්‍ය වෙනවා. එයින් රුපියල් මිලියන 5,000ක් 2026 වසර සඳහා වෙන් කිරීමට යෝජනා කරනවා. සමහර සේවකයින් විශ්‍රාම ගොස් වසර ගණනාවක් ගත වී ඇතත් තවමත් ඔවුන්ට මෙම මුදල් ලැබී නැහැ. මෙය ඔවුන්ට කරන සාධාරණයක්.
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ණය ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකු වෙත ලබා දී ඇති භාණ්ඩාගාර ඇපකර සහ ආරක්ෂණ ලිපි, එම ආයතනවල මූල්‍ය අර්බුද හේතුවෙන් ගෙවා ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙය රාජ්‍ය බැංකු පද්ධතියට විශාල අවදානමක්. 2026 දෙසැම්බර් 31 දින දක්වා අක්‍රීය තත්ත්වයට පත්වන මෙම බැඳීම්, හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා මේ වසර තුළදී නිරවුල් කිරීමට කටයුතු කරනවා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා ලබා දුන් 15% විශේෂ පොලිය වෙනුවෙන් බැංකුවලට ගෙවිය යුතු හිඟ මුදල් රුපියල් මිලියන 55,000ක් පමණ ගොඩගැසී තිබෙනවා. පසුගිය රජයන් ජනප්‍රිය යෝජනා ලෙස මෙය ඉදිරිපත් කළත්, ඊට අදාළ මුදල් බැංකුවලට ගෙවා නැහැ. මෙම හිඟ මුදලින් රුපියල් මිලියන 10,000ක් දැනටමත් ගෙවා ඇති අතර, ඉතිරි මිලියන 45,000ක මුදල මෙම වසරේදීම සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමට කටයුතු කරනවා.
රාජ්ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා විසඳීම සඳහා නව කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. දැනටමත් අපි සැලකිය යුතු වැටුප් වැඩිවීමක් සිදු කර තිබෙනවා. රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමේ දෙවන අදියර 2025 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 105ක් වෙන් කර තිබෙනවා. මෙය ඉදිරි වසරවලදී අයවැයට විශාල තෙරපුමක් ඇති කළ හැකියි (වසරකට බිලියන 330ක් පමණ). එනිසා අමතර දීමනා සහ විෂමතා පිළිබඳව කතා කිරීමට පෙර මෙම වැටුප් වැඩිවීම කළමනාකරණය කරගත යුතුයි. මූල්‍ය සීමාවන් ඇතුළත අප කටයුතු කළ යුතු බව සියලු රාජ්‍ය සේවකයින් සිහි තබා ගත යුතුයි.
2020ට පෙර විශ්‍රාම ගිය අයගේ විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 20,000ක් වෙන් කරනවා. 2016.01.01 දිනෙන් පසු බඳවා ගත් රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් ලිපිවලින් විශ්‍රාම වැටුප් හිමිකම ඉවත් කර තිබුණත්, ඔවුන්ට ද දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට හිමිකම් ලබා දීමට කටයුතු කරනවා.
රාජ්ය අංශයේ වැටුප් වැඩිවීමේ දෙවන පියවර.ඒ දවස් 25 සිදුකරන වැටුප් සංශෝධනයට අනුව එහි දෙවන අදියර ක්රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන එකසිය පහක ප්රතිපාදනයක් වෙන් කර තිබෙනවා.
ඒ අනුව දෙදහස් 26 වසරේ ජනවාරි මාසයේ වැටුප.සිට සියළුම රාජ්ය සේවය ගැන මෙම වැටුප් ගෙවීමට කටයුතු කරනවා. දෙවන අදියර ජනවාරි මාසයේ අග වන විට එකසේ දායක ඒක මම කිව්වෙ.මේ දීමනා පිළිබඳ ගැටලුවක් නොසැලකිල්ලක් කරන්න ඕන.
හැබැයි.දෙදහස් විසි පහේ අපිට බිලියන එකසිය දහයක් යනු දෙදාස් 26 මිලියන එකසිය දහයක් වෙනවා. දෙදහස් 27 බිලියන එකසිය දහයක් වෙනවා. දෙදාස් විසිහතරේ අයවැයට.මේ රාජ්ය සේවයේ වැඩිවුණු වැටුපක් නොගෙවන බිලියන තුන්සිය තිහක් වැය වෙනවා.
ඒක විශාල එකක්.මිලියන.බිලියන තුන්සිය තිහක් වැය වෙනවා.ඒක කෝටි තිස්තුන් දහස්.ඒක අපි අයවැයට විශාල තෙරපුමක් ගෙනත් දෙනවා.ඒ නිසාම රාජ්ය සේවකයන්ගෙන් පළමුකොටම.අපි මේ අධ්යනය කරමු.බිලියන 110 10 වසර තුනක් එකට ආපුවම.
දෙදාස් විසිහතරේ අයවැය ලේඛනයට මේ බිලියන එකසිය 330 එම එකට වැටෙනවා.ඒ කොච්චර අයවැයට තෙරපුමක් එයිද?ඒක දරාගන්න පුළුවන් වෙන්න ඕන.ඒ නිසා අනෙක් දීමනා පිළිබඳව.අනිත් වැටුප් විෂමතාවන් පිළිබඳ පොඩ්ඩක් ඉන්න.මම කියන එච්චරයි.
වසර ගණනාවක් නතර වී තිබූ රාජ්‍ය සේවක දේපළ ණය යෝජනා ක්‍රමය නව ව්‍යුහයක් යටතේ නැවත සක්‍රීය කරනවා. රුපියල් ලක්ෂ 50 දක්වා ණය ලබාගත හැකි අතර, මුල් ලක්ෂ 30 සඳහා 4%ක පොලී සහනයක්ද, ලක්ෂ 30 සිට 50 දක්වා 2%ක පොලී සහනයක්ද ලබා දීමට රුපියල් මිලියන 500ක් වෙන් කරනවා.
අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා දැනට පවතින අවම සේවක දායක මුදල රුපියල් 75කින් සහ 150කින් වැඩි කිරීමට යෝජනා කරනවා. එසේම, රජයේ සේවකයින්ට ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල රුපියල් 10,000 සිට 15,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මීට අමතරව, ආපදා ණය (Distress Loan) සීමාව ලක්ෂ 4 දක්වා වැඩි කිරීම නිසා ඇති වූ ඉල්ලුම සපුරාලීමට රුපියල් මිලියන 10,000ක් අමතරව වෙන් කර තිබෙනවා.
වසර 20කින් පමණ වැඩි නොවූ දුෂ්කර පළාත්වල සේවය කරන ගුරුවරුන්ගේ දීමනාව සහ විදුහල්පති දීමනාව රුපියල් 1,500කින් ඉහළ නැංවීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 1,000ක් වෙන් කිරීමටත් යෝජනා කරනවා.
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සේවය කරන ගේට්ටුකරුවන් 1,000ක් පමණ සිටිනවා. ඔවුන්ට දැනට ගෙවන්නේ පැය 8ක සේවා මුරයකට රුපියල් 7,500ක් වැනි සුළු මුදලක්. මෙම මාසික දීමනාව රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට රුපියල් මිලියන 250ක් වෙන් කරනවා."
👇
