
උපාධිධාරී ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල මේ මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, එම තරග විභාගයේ ප්‍රතිඵල මත උපාධිධාරීන් 23,000 ක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.
දැනට රාජ්‍ය සේවයේ සිටින උපාධිධාරීන් සඳහා පැවති ගුරු විභාගයෙන් 15,000 දෙනෙක් ද, විවෘත පදනම මත පැවති ගුරු විභාගයෙන් 8,000 දෙනෙක් ද මෙසේ බඳවා ගැනීමට නියමිතයි.
එහි සම්මුඛ පරික්ෂණ ඔක්තෝම්බර් මාසයේ පැවැත්වෙන අතර, බඳවා ගැනීම් දෙසැම්බර් මාසයේ දී සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.
