තමන් සිටින තැන Location එක WhatsApp වලින් වෙන කාට හරි යවන හැටි

MathuZone.LK
0

whatsapp location share sinhala

පහත සරල පියවර අනුගමනය කරමින් ඔබට ඔබගේ location එක (සිටින ස්ථානය) ඕනෑම කෙනෙකුට whatsapp හරහා යැවිය හැක. අවශ්‍ය නම් ඊට පහලින් ඇති වීඩියෝද බලා වැඩි විස්තර දැක ගත හැක.


*(ඔබ පාසලේ location එක මේ ආකාරයෙන් යැවීමට අවශ්‍ය විටදී ,විදුහල්පති කාර්යාලයේ (principal office) සිටිමින් location එක share කිරීමට වගබලා ගන්න.)


පියවර 1 :

ජංගම දුරකතනයේ Mobile Data සහ Location දෙකම On (active) කරගන්න . 

පියවර 2 :

Whatsapp Open කරගන්න 

පියවර 3 :

location එක යැවිය යුතු කෙනාට මැසේජ් කරන තැනට යන්න.
Attachment icon(🧷) එක click කර Location icon එක ක්ලික් කරන්න.

පළමු වරට මෙම සේවය භාවිතා කරන්නේ නම් open වෙන dialog box වලට OK කරන්න.


පියවර 4:

අංක 1 හි ඇති icon එක මත ක්ලික් කර ඔබගේ ස්ථානය ස්ථාවර කරගන්න .
අංක 2 හි ඇති Send your current location මත ක්ලික් කරන්න. 


වැදගත් : live location මත ක්ලික් නොකරන්න.එසේ ක්ලික් කරහොත් ඔබගේ ජංගම දුරකථන ඇති ස්ථානය වෙනස් වන විටද යවන location එක වෙනස් වේ.


සියලු පියවර අවසානයි. අවසානයේදී ඔබට පහත පරිදි ඔබගේ location එක අවශ්‍ය කෙනාට send වී ඇති බව ඔබට දැක ගත හැකි වනු ඇත. 


- අවසානයි -

 
live location එක share කරන විදිහ සිංහලෙන්ම විස්තර කරන VIDEO එක පහතින්.
 


Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin