
පහත සරල පියවර අනුගමනය කරමින් ඔබට ඔබගේ location එක (සිටින ස්ථානය) ඕනෑම කෙනෙකුට whatsapp හරහා යැවිය හැක. අවශ්‍ය නම් ඊට පහලින් ඇති වීඩියෝද බලා වැඩි විස්තර දැක ගත හැක.
*(ඔබ පාසලේ location එක මේ ආකාරයෙන් යැවීමට අවශ්‍ය විටදී ,විදුහල්පති කාර්යාලයේ (principal office) සිටිමින් location එක share කරන්න. එය සම්මතයකි)
පියවර 1 :
ජංගම දුරකතනයේ Mobile Data සහ Location දෙකම On (active) කරගන්න .

පියවර 2 :
Whatsapp Open කරගන්න

පියවර 3 :
location එක යැවිය යුතු කෙනාට මැසේජ් කරන තැනට යන්න.
Attachment icon(🧷) එක click කර Location icon එක ක්ලික් කරන්න.

පළමු වරට මෙම සේවය භාවිතා කරන්නේ නම් open වෙන dialog box වලට Agree /OK කරන්න.
පියවර 4:
අංක 1 හි ඇති icon එක මත ක්ලික් කර ඔබගේ ස්ථානය ස්ථාවර කරගන්න .
අංක 2 හි ඇති Send your current location මත ක්ලික් කරන්න.
වැදගත් :- share live location මත ක්ලික් නොකරන්න.එසේ ක්ලික් කරහොත් ඔබගේ ජංගම දුරකථන ඇති ස්ථානය වෙනස් වන විටද යවන location එක වෙනස් වේ.

සියලු පියවර අවසානයි. අවසානයේදී ඔබට පහත පරිදි ඔබගේ location එක අවශ්‍ය කෙනාට send වී ඇති බව ඔබට දැක ගත හැකි වනු ඇත.

මෙම පුවත පිළිබඳව ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
