උපාධිධාරීන් රට හැර යෑමෙන් රජයට කෝටි 9350ක පාඩුවක් - පේරාදෙණිය සරසවි අධ්‍යයනයකින් කියයි

MathuZone.LK
0
leaving country

 වසර 2019-2023 කාලයේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගත් 37,399 දෙනෙකු රට හැර ගොස් ඇතැයි ද එයින් රජයට සිදු වූ පාඩුව රුපියල් කෝටි 9,350 ක් යැයි ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය. තමන් සහ ලක්ෂ්මන් කුමාර මේ සම්බන්ධයෙන් කළ අධ්‍යයනයක දී මෙම තොරතුරු හෙළි වූ බව ද ඔහු කීවේය.


සලකා බලන ලද වසර පහක කාලයේ දී රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධිධාරීන් 138,980 ක් බිහි කර ඇති බවත් එයින් 37,399 හෙවත් සියයට 30ක පිරිසක් මෙසේ රට හැර ගොස් ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේ ය.


රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධිධාරියෙකු බිහි කිරීමට යන වියදම සාමාන්‍යයක් ලෙස වාර්ෂිකව රුපියල් ලක්ෂ 5 -7 අතර අගයක් ගනු ලබන බව කී හෙතෙම ඒ අනුව ලක්ෂ 5 ක වියදම් පදනමින් ගත් විට උපාධිධාරියෙකු බිහිකිරීම සඳහා වසර හතරක කාලයක දී රුපියල් ලක්ෂ 25 ක මුදලක් වැය වෙන බව ද එම අගය අදාළ වසර පහක කාලයේ දී රට හැර ගිය උපාධිධාරීන් සංඛ්‍යාවෙන් වැඩි කිරීමෙන් මෙම පාඩුව නිර්මාණය වෙන බව අධ්‍යයනයේ දී අනාවරණය වූ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.


මූලාශ්‍රය : ලංකාදීප

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin