
2025 අගෝස්තු 23 සෙනසුරාදා දින යටදොලවත්ත එල්.පී.ලියනආරච්චි ක්‍රීඩාංගනයේදී මතුගම කලාපයේ රාජ්‍ය ආයතනයන්හී සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් මතුගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති කසුන් මුණසිංහ මහතාගේ පූර්ණ දායකත්වයෙන් පැවැත්වූ "කසුන් මුණසිංහ අභියෝගතා කුසලානය" ක්‍රිකට් තරඟාවලියේ කාන්තා අංශයේ අනුශූරතාව මතුගම කලාප අධ්‍යාපන කාර්‍යාලීය කාන්තා කණ්ඩායම ලබා ගත් අතර, මෙයට සහයෝගය ලබා දුන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුළු සියළුම දෙනාටත්, තම වේලාව කැප කරමින් එම අවස්ථාවට පැමිණ ක්‍රීඩාකළ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරීතුමාටත්,තරග අවස්ථාවේදී සහභාගී වී ශක්තියක් වුනු සියලුම නිලධාරීන්ටත් බීම ආහාර ලබාදුන් සියලුම දෙනාටත් නන් අයුරින් උදව් උපකාර කල සියළුම දෙනාටත් හදපිරි ප්‍රණාමය පුද කරනු ලබන්නෙමු.



















